මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

0
මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මැයි මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙසින් වාර්තා වී ඇත.

මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේදී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.7%ක සුළු පහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලියන 260.8ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර ඩොලර් මිලියන 4ක් අලෙවි කර තිබේ. ඒ අනුව 2025 මැයි මාසය තුළ දී මහ බැංකුව ශුද්ධ වශයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 256.8ක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *