කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

0
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය අද (06) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

මෙහිදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175කි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට දිනයේදී ම ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුබසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, මාගා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එම්.ජී. කුලරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක්ද ප්‍රතිලාභී ජනතාව සහ ප්‍රදේශවාසීහු රැසක්ද එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com