උසස් පෙළ සමත් සිසුන් 90,000ක් මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වෙයි

0
2025 අපොස (උසස් පෙළ )විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 අපොස (උසස් පෙළ )විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 90,000කට අධික පිරිසක් Online ඔස්සේ ලියාපදිංචි වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ලියාපදිංචියට දුන් කාලය පසුගිය 30 වැනිදායි අවසන් විය.

කොමිසම පැවසුවේ ලියාපදිංචි කළ සිසුන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමට ලබන 13වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩිවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකියි.

එලෙස කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කළ සිසුන්ගේ අයැදුම්පත්වල පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com