පළාත් පාලන ආයතන ඡන්දයේ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ගැන දැනුම්දීමක්

0
2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

2025.05.06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරනු ලැබූ සියලුම අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාර දී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා සම්බන්ධයෙන් යම් අයෙකුට පරීක්ෂා කර බැලීමට හෝ ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තාවල සහතික කරන ලද පිටපත් එ ඒ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එළැඹෙන 07 දින සිට නීරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

කාර්යාලයීය දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා යම් අයෙකුට එම පිටපත් පරීක්ෂා කර බැලීය හැකිය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 6වන වගන්තිය ප්‍රකාරව මෙම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com