ඇමති බිමල් රත්නායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්
රේගු පරික්ෂාවෙන් තොරව මුදාහල බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව සිද්ධියට අදාලව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
අමාත්‍යවරයාගේ උපදෙස් මත රතු ලේබලයෙන් යුත් මෙම බහාලුම් මුදා හැරීම නිසා මෙම බහාලුම් තුළ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබෙන්නට ඇතිබවට සාධාරණ සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික ශිරන්ත ජයලත් පවසයි.
බහාලුම් නිදහස් කිරීමෙන් පසුව ජනවාරි මාසයේ සිට මේ දක්වා සීග්‍ර ලෙස වෙඩි තැබීම් වාර්තා වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.



