ලෝක ආර්ථිකයෙන් ජපානය අබිබවා ඉන්දියාව 4වැනි තැනට

0
ලෝක ආර්ථිකයෙන් ජපානය අබිබවා ඉන්දියාව 4වැනි තැනට

ලෝක ආර්ථිකයෙන් ජපානය අබිබවා ඉන්දියාව 4වැනි තැනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වාර්තාවලට අනුව ඉන්දියාව ලොව විශාලතම සිව්වැනි ආර්ථිකය බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.19 සටහන් කළ බව එම අරමුදලේ නිල දත්ත සංඛ්‍යාවලින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව මෙතෙක් ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවූ ජපානය පස්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයද ඩොලර් ට්‍රිලියන 4.19ක් වන බව එම වාර්තා වේ සඳහන් වේ.

ඩොලර් ට්‍රිලියන 30.51ක දළ දේශීය නිෂ්පාදිතයකට හිමිකම් කියන අමෙරිකාව ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් අතර පළමු තැන පසුවන අතර, චීනය දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩොලර් ට්‍රිලියන 19.23ක දළ දේශීය නිෂ්පාදිතයකට හිමිකම් කියමිනි. ඩොලර් ට්‍රිලියන 4.74ක දළ දේශීය නිෂ්පාදිතයක් හිමි ජර්මනිය තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com