නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කෙරේ

0
නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කරයි

නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්විම් ලිපියද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com