ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3ක් අත්අඩංගුවට
ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන බවත් අදාළ දැරිය හොඳින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන බැවින් ඇය සමග සමීපව කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමග දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පවසයි.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු ලිංගික අතවර සහ ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.