කාශ්මීරයේ සංචාරක ස්ථාන 50ක් වැසේ

0
කාශ්මීරයේ සංචාරක ස්ථාන 50ක් වසා දමයි

කාශ්මීරයේ සංචාරක ස්ථාන 50ක් වසා දමයි

කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව සැලකිල්ලට ගෙන ස්ථාන 50ක් සංචාරකයන්ට වසා දැමීමට එම ප්‍රාන්ත රජය පියවර ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

ජම්මු කාශ්මීර් ප්‍රාන්ත රජයේ නිලධාරියකු සඳහන් කර ඇත්තේ වසා දැමූ සංචාරක ස්ථාන අතර මහජන උද්‍යාන සහ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ තවත් ස්ථාන රැසක් ඇති බවය.

එම ස්ථාන නැවත සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇතැයිද, මේ වනවිට කාශ්මීරයේ සිදුවන හමුදා මෙහෙයුම් අවසන් වීමෙන් පසු එම ස්ථාන නැවත සංචාරකයන්ට විවෘත කිරීමට අවධානය යොමු කරන බවද ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com