චාමර සම්පත් හා මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

0
චාමර සම්පත්, මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

චාමර සම්පත්, මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද(21) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ, සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළවයි.

මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙයි.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග ලබා දී ඇත.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මෙම පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com