පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

0
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

පාකිස්තානය විසින් මෙම මාසය තුළදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් 84,000ක පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බවට ජගත් සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැදී සිටීමට අවසර ලබාදී ඇති ඇෆිගනිස්ථාන ජාතිකයින් මෙලෙස පිටුවහල් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනපතා පවුල් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති අතර ඉතිරි මාසවලදී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යාහැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

දේශසීමාවේ සිටි ඇතැම් ඇෆ්ගනිස්තානුවන් පවසන්නේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගැටුම් හේතුවෙන් පලායාම හේතුවෙන් ඔවුන් පාකිස්තානයේ අතරමංවී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව 2021 වසරේ දී තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැමිණි ලක්ෂ 7ක් පමණ ඇතුළුව ඇෆ්ගනිස්තානුවන් මිලියන 3.5කට වැඩි පිරිසක් පාකිස්තානයේ ජීවත් වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com