චීනය ට්‍රම්ප්ට එකට එක කරයි

0
චීනය ට්‍රම්ප්ට එකට එක කරයි

චීනය ට්‍රම්ප්ට එකට එක කරයි

එළැඹෙන අප්‍රේල් 10 වෙනිදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරුබද්දක් පනවන බව චීනය අද (04) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අමෙරිකාවේ නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසිනි.

මෙම තත්ත්වය සම්බන්ධව දැඩි කනස්සල්ලට පත්ව සිටින ලෝක වෙළෙඳ සංවිධානය පුරෝකථනය කරන්නේ මේ වසර තුළ ගෝලීය ආර්ථිකය සියයට 1කින් පහත වැටීමට ට්‍රම්ප්ගේ මෙම තීන්දුව හේතු වනු ඇති බවයි.

අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත සියයට 10ක තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වෙනිදා තීරණය කළේය. ඒ අමෙරිකාව විමුක්තිය ලැබීමේ දිනය ලෙස අප්‍රේල් දෙවැනිදා නම් කරමිනි.

ඊට අමතරව එරට සමඟ වැඩිම වෙළෙඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් තීරණය ගත්තේය. ඔවුන් එය හැඳින්වූයේ අන්‍යොන්‍ය තීරුබදු ලෙසිනි.

ඒ යටතේ එම රටවලට සියයට 15ත් 49ත් අතර බදු පනවා ඇති අතර, ඉන් වැඩිම බලපෑම ලක්වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත්.

මේ සමඟ ලොව වටා කොටස් වෙළෙඳපොළ රැසක් දෙවැනි දිනටත් කඩා වැටෙමින් පවතී.

අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළ, ජපානයේ නිකේ, ඔස්ට්‍රේලියානු ASX 200 සහ දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළද ඒ අතරට අයත්ය.

නමුත් කුන්මින් සැණකෙළිය වෙනුවෙන් වසා දමා ඇති චීන සහ හොංකොං කොටස් වෙළෙඳපොළ තත්ත්වය මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර නව තීන්දුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල සියයට 0.64කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,166ක් ලෙස සටන් වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com