දකුණු කොරියානු ජනාධිපති නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීන්දුවක්

0
දකුණු කොරියානු ජනාධිපති නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීන්දුවක්

දකුණු කොරියානු ජනාධිපති නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණයෙන් තීන්දුවක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද දින (04) තීන්දු කර තිබේ.

එම නඩුවේ තීන්දුව අද (04) ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කෙරුණි.

තීන්දුව ලබාදෙනු ලැබුවේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසින් වන අතර, එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 03දාය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.

ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි එතෙක් ධුරයේ කටයුතු කරනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com