සතියක් තුළ ගාසා තීරයේ දරුවෝ 270ක් ඝාතනයට – සේව් ද චිල්ඩ්රන් සංවිධානය

0
සතියක් ඇතුළත ගාසා තීරයේ දරුවෝ 270ක් ජීවිතක්ෂයට - සේව් ද චිල්ඩ්රන් සංවිධානය

සතියක් ඇතුළත ගාසා තීරයේ දරුවෝ 270ක් ජීවිතක්ෂයට - සේව් ද චිල්ඩ්රන් සංවිධානය

හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිමාවට පත්වීමෙන් පසු ගත වූ සතියක කාලය ඇතුළත ගාසා තීරයේ දරුවන් 270කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට පත්වූ බව සේව් ද චිල්ඩ්රන්‘ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් දින කිහිපයක් ඇතුළත දරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනයට පත් පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා දින (25) වන විට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව අටවැනි දිනයටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ බවත්,ඉකුත් අඟහරුවාදා (25) එල්ල කළ ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනකු ඝාතනයට පත්වූ බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා ඝාතනයට පත් පලස්තීනුවන්ගේ සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇතැයිද, තුවාල ලැබූ සංඛ්‍යාව 1,13,704ක් වන බවද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇතැයිද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. ඉකුත් අඟහරුවාදා (25) වන විට ගාසා රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ මේ දක්වා ඝාතනය වු සංඛ්‍යාව 61,700ක් වන බවය.

මීට අමතරව තවත් දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ප්‍රමාණයක් කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර අතුරුදන්වී ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com