ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට තෙදින වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට තෙදින වැඩසටහනක්
ඩෙංගු මර්දනය සඳහා තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
වර්ෂයේ ජනවාරි පළමු දින සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886ක් වාර්තා වී ඇති අතර එය 2024 එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4%ක අඩුවීමක් බවයි අමාත්‍යංශය පැවසුවේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි
ඒ අනුව මෙම තත්ත්වය අවම කර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දැනට පවතින දත්ත පදනම් කර ගනිමින් කොළඹ මහ නගර සීමාව ඇතුළු ව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී එම වැඩසටහන පැවැත්වෙන අතර එහි දී අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරීශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.