නව කම්කරු කොමසාරිස් ජනරාල්වරියක පත් කෙරේ

0
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරියක පත් කරයි

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරියක පත් කරයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්.ඩී.එන්.කේ වටලියද්ද (දිලිනි නදීකා වටලියද්ද) මහත්මිය කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබේ.

මේ පිළිබඳ කම්කරු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

ඇය ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද, කම්කරු අමාත්‍යංශයේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කර ඇති අතර කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර සහ නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස හා තවත් තවත් තනතුරු රැසක වසර 20ක පමණ අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් බහුල නිලධාරිනියක වනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ඇය කම්කරු අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ලබා තිබෙනවා.

කාන්තා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා ඇති ඇය ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) එක්සත් රාජධානියේ කාඩිෆ් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com