පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සහල් මිල ගැන විශේෂ දැනුම්දීමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සහල් මිල ගැන විශේෂ දැනුම්දීමක්
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරනවා.
මේ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳසැල් වැටලීම තවදුරටත් සිදු කෙරෙන බවත්,සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශ කරමින් වැඩි මිලට සහල් අලෙවි කිරීමට ඇතැම් වී මෝල් හිමියන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
ඇතැම් තොග වෙළෙඳුන්ද මේ අයුරින් ක්‍රියා කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ.
සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල මෙන්ම උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නැති බවද එම අධිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් වන අතර නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 230ක්. සම්බා සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 240ක් වන අතර කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙසටයි පාරිභෝගික අධිකාරිය දැනුම් දි ඇත්තේ.
කෙසේ වුවද වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙදසැල් 5500කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කර තිබෙනවා.
එයින් වෙළදසැල් 4070කට එරෙහිව නීතිමය පියවර ගැනුණා.
මෙම වසරේ මාර්තු 12 වනදා දක්වායි මෙම වැටලීම් සිදු කර ඇත්තේ.
(12) දිනයේද වත්තල /මතුගම /පාදුක්ක /පිටකොටුව/ මාවනැල්ල ආදී ප්‍රදේශවල වැටලීම් සිදු කෙරුණා.
ඒ අනුව වෙළෙඳසැල් 139ක වැටි මිලට සහල් අලෙවි කර තිබෙනවා.
එම වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.