ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

0
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත් කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම සිදුකර ඇත්තේ,ඊයේ දින (04) සිට ක්‍රියාත්මක වන පරිදියි.

එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1991 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 24 වන බඳවා ගැනීමේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධවී ඇත.

අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා අණදෙන නිලධාරියෙකු ලෙස අංක 04 සහ අංක 07 හෙලිකොප්ටර් බලඝණ සමග සේවය කළේය.

අනුරාධපුරයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා උතුරු ගුවන් විධාන මූලස්ථානයේ උතුරු ගුවන් ආඥාපති ලෙස සේවය කළ ඔහු ප්‍රහාරක බලඝණ දෙකක් සහ බර ප්‍රවාහන බලඝණයක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් 29කට නිවහන වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ මූලික අණදෙන නිලධාරියා ලෙසද කටයුතු කළේය.

ඔහු රණ වික්‍රම සහ රණ සූර පදක්කම්වලින් මෙන්ම උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com