මහ බැංකුවේ මුදල් වංචාවකට හිටපු ගණකාධිකාරීවරයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී පීරමීඩ ආයතනයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ රුපියල් ලක්ෂ 77කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කලගෙඩි හේනේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු අවුරුදු 34ක් වයසැති අයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් භාවිතා කර රුපියල් 7,721,551 ශත 02ක් මෙම සැකකරු වංචාකර ඇතැයි වාර්තා වේ.
මෙම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වැනිදා සවස් කාලයේදීය.




