පාරිභෝගික කටයුතු අධිකාරිය කළ සහල් වැටලීම්වලින් වෙළෙඳුන් 39කට නඩු
92 පෙට්‍රල් හංගා වැඩි මිල ඉන්ධන විකුණූ පිරවුම්හලට වැඩ වරදී
වැඩි මිලට සහල් අලෙවි කළ සහ තොග සඟවාගෙන සිටි වෙළෙඳුන් 39 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය සෙනසුරාදා දිනයේ (22) කළ වැටලීම්වලදීයි.
කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් වැටලීම් ක්‍රියාත්මක විය.
ඒ අතරට වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 16ක්, තොග සඟවා සිටි වෙළෙඳුන් 10ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 10ක් ද ඇතුළත්.
කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 270ත් 310ත් අතර මිලකට අලෙවි කළ වෙළෙඳුන් එහිදී හඳුනාගත් බවද, පාරිභෝගික කටයුතු අධිකාරි සඳහන් කළේය.




