තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත්

0
තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත්

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත්

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද දින (22) කන්කසන්තුරේ වරායට ළඟාවිය.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83 දෙනෙකු සිටි බවයි.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වනු ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කරන ලදී.
මෙහි ගමන්ගන්නා මගීන්ට කිලෝග්‍රෑම් 10ක ගමන් මළු රැගෙන යා හැකිය.

එමෙන්ම ඊට අමතර ප්‍රමාණයක් රැගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා අමතර ගාස්තුවක් ගෙවා එම සේවාව ලබාගැනීමටද අවස්ථාව සලසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com