උපදේශකවරුන් පිරිසකට වැඩක් නොගෙන පඩි ගෙවලා
![උපදේශකවරුන් පිරිසකට වැඩක් නොගෙන පඩි ගෙවලා](https://srihanda.lk/wp-content/uploads/2022/06/ජාතික-විගණන-කාර්යාලය-650x366.jpg)
උපදේශකවරුන් පිරිසකට වැඩක් නොගෙන පඩි ගෙවලා
මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතුවලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.
මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2021 වසරේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී.
විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය නොකිරීම හේතුවෙන් වසර 21 කට වැඩි කාලයක් තිස්සේ ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත කොමිෂන් සභාවේ නියාමනයට යටත්වී නොතිබූ බව විගණන වාර්තාව පෙන්වා දෙනවා.
මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2017 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා උපයා ගත් ආයෝජන ආදායම් මත ගෙවිය යුතු මුළු බදු මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි නවයක් බව විගණන අංශවලට නිරීක්ෂණයවී ඇත. විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල මේ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් කර නොතිබුණු බව වාර්තාවේ සඳහන්.
කොමිෂන් සභාව බද්දට යටත් වන අයෝජන ආදායම් ඉපයුවද දේශීය ආදායම් පනත අනුව බදු ගෙවීම නොකරන බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේයි.