වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස කුරුඳු පැළ ලක්ෂයක්

0
වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස කුරුඳු පැළ ලක්ෂයක්

වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස කුරුඳු පැළ ලක්ෂයක්

බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ තුළ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇත.

මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

ඒ අනුව විල්ගමුව සහ හෙට්ටිපොළ කොට්ඨාශ තුළ වෙසෙන ගොවි මහතුන් සිය දෙනකු තෝරාගෙන එක් ගොවි මහතකුගේ බිම් අක්කර කාලක් සඳහා කුරුඳු පැල 900ක් මේ යටතේ ලබා දීමට නියමිතය.

මේ යටතේ වගා කිරීමට නියමිත කුරුඳු පැළ ප්‍රමාණය ලක්ෂයකි.

වගාව සඳහා තෝරා ගත් මෙම ගොවි පිරිසට ඊයේ දිනයේදි(08) සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව විසින් කුරුඳු වගාව පිළිබඳ පුහුණුවක්ද ලබා දුන්හ.

ලංකාවේ කුරුඳු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීම මගින් එම ප්‍රදේශවල ගොවියන්ගේ ආර්ථිකයද ශක්තිමත් වන බව මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්.එම්.කේ.ආර් හේරත් මහතා පැවසීය.

තවද කුරුදු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුමද මෙමගින් අවම කර ගත හැකි බව වැඩිදුරටත් ඔහු පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com