නවීන ප්‍රහාරක ගුවන්යානා හඳුනා ගැනීමට ඉන්දියාවෙන් නව රේඩාර් පද්ධතියක්

නවීන ප්‍රහාරක ගුවන්යානා හඳුනා ගැනීමට ඉන්දියාවෙන් නව රේඩාර් පද්ධතියක්
රේඩාර් පද්ධතියට හසු නොවන ආකාරයේ අතිනවීනතම තාක්ෂණය තුළින් නිෂ්පාදනය කර ඇති ප්‍රහාරක ගුවන් යානා හඳුනා ගැනීම සඳහා ඉන්දියාව නව රේඩාර් පද්ධතියක් නිපදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ රේඩාර් සංවර්ධන ආයතනය සහ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ඒකාබද්ධව සංවර්ධනය කර ඇති එම රේඩාර් පද්ධතිය පසුගියදා නිල වශයෙන් එළිදැක්වූ බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ලොව නවතම තාක්ෂණ ක්‍රමවේද ගණනාවක් භාවිත කරමින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය ඇතුළු රටවල නිෂ්පාදිත ස්ටෙල්ත් නමින් හඳුන්වනු ලබන එම ප්‍රහාරක ගුවන්යානා නිර්මාණය කර ඇත්තේ දෘශ්‍ය පරාවර්තනය අවම කරමින් බවත්, සාම්ප්‍රදායික රේඩාර් මඟින් හඳුනාගත නොහැකි ලෙස ඉලක්ක වෙත සාර්ථකව ගමන් කරන ආකාරයෙන් බවත් වාර්තා වේ.