අධික ශබ්ද නගමින් රේස් පැද්ද යතුරුපැදිකරුවන් 10ක් අත්අඩංගුවට

0
අධික ශබ්ද නගමින් රේස් පැද්ද යතුරුපැදිකරුවන් 10ක් අත්අඩංගුවට

අධික ශබ්ද නගමින් රේස් පැද්ද යතුරුපැදිකරුවන් 10ක් අත්අඩංගුවට

දෙහිවල, දුම්රියපල අසලට සිට වැල්ලවත්ත දෙසට මුහුදුබඩ මාර්ගයේ අධිධාරිතාවයෙන් යුත් නවීකරණය, කරන ලද යතුරු පැදිවලින් අධික ශබ්දයෙන් අවට නිවැසියන් හා වාහන හිමියන්ට පීඩාකාරී ලෙස රේස් පදනමින් සිටි තරුණයින් දස දෙනෙකු එම යතුරු පැදි දහයක් සමග ඉකුත් 02 වනදින අලුයම දෙහිවල පොලීසිය රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යතුරුපැදි සියල්ල සයිලන්සරය, ඉන්ධන ටැංකි, සියල්ල වෙනස්කර අධික ශබ්ද සහිතව නවීකරණය කරනු ලැබ ඇතැයිද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් වයස 17ත් 22ත් අතර මොරටුව, රාජගිරිය, පිළියන්දල, අංගොඩ, දෙහිවල, රත්මලාන, කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිව සිටින අයවලුන්ද වන බවත් පොලීසිය සඳහන් කරයි.

දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed