වසර 2100දී ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහළට – සිංගප්පූරුවේ විද්‍යාඥයන්
ගෝලීය දේශගුණික විපර්යාස පාලනය කිරීම අභියෝගයකට ලක් කරමින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය තවදුරටත් ඉහළ යන්නේ නම් වසර 2100 වන විට ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි සිංගප්පූරුවේ නන්යැංග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එවැනි දරුණු තත්ත්වයන්ට හේතුවන කරුණු සොයා බලා ඒ සඳහා කඩිනම් පියවර ගැනීම ලෝක රාජ්‍ය නායකයන් සතු වගකීමක් බව එම අධ්‍යයනය සිදු කළ නන්යැංග් තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය බෙන්ජමින් ග්‍රැන්ඩේ ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.
දේශගුණික විපර්යාසවලට කඩිනම් විසඳුම් සොයා ගෝලීය උෂ්ණත්වය නියමිත මට්ටමේ රඳවා තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයිද ආචාර්ය ග්‍රැන්ඩේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තවත් වසර 75කින් ගෝලීය මුහුදු මට්ටම අඩි 6කුත්, අඟල් 2කින් ඉහළ යෑමෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා රටවල් රැසක නගර ගණනාවක් ජලයෙන් යටවනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කාබන් විමෝචනය ඉහළ යෑමෙන් මේ වනවිටත් ලොව පුරා ග්ලැසියර් දියවීම සහ ගිනි කඳු විදාරණය ඉහළ ගොස් ඇතැයිද, සුළි කුණාටු, පාලනය කළ නොහැකි ළැව් ගිනි සහ වාර්තාගත වර්ෂාපතනය, ගංවතුර සහ භූමිකම්පා හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා සැලකිය යුතු විනාශයක් සිදුවී ඇතැයිද විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.