සිරකර හුවමාරුවේ මාධ්‍ය ජයග්‍රහණය කාටද?
සිරකරුවන් හුවමාරු කිරීම හරහා පලස්තීන සටන්කාමීන් තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගන්නා බව ඊශ්‍රායලය කනස්සල්ල පළ කර ඇත. සිරකරුවන් නිදහස් කිරීම උත්සවාකාරයෙන් නොකළ යුතු බවට ඊශ්‍රායල පාර්ශ්වය නිකුත් කළ අණ, විමුක්ති සටන්කාමීන් විසින් නොතකා හැර ඇත.
2023 ඔක්තෝබර් 7 වන දින, පලස්තීන යුද සිරකරුවන් නිදහස් කිරීම අරභයා පලස්තීන විමුක්ති සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් සිවිල් වැසියන් සියල්ල නිදහස් කිරීමෙන් පසු ඉතිරිව සිටි ඊශ්‍රායල් හමුදා සෙබල සෙබලියන් නිදහස් කිරීම වෙනුවෙන් ඊශ්‍රායල් යුධ අධිකරණ මගින් සිරගත කළ සහ, පවුලේ පුද්ගලයන් විමුක්ති සටන්කාමීන් සමග එක්වීම වැළැක්වීම සඳහා බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින පලස්තීනුවන් නිදහස් කළ යුතු යැයි පලස්තීන සටන්කාමීන් කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණි. එම කොන්දේසි වලට යටත් වීම වෙනුවට, ඊශ්‍රායලය ගාසා තීරයේ සිරගතව සිටි න්න තම සෙබල සෙබලියන් සහ ගාසා සිවිල් වැසියන් ඉලක්ක කර මේට්‍රික් ටොන් 85,000 කට වැඩි ප්‍රමාණයක් බෝම්බ හෙලීමෙන් පසුවත්, සටන්කාමීන් මෙල්ල කිරීමට ඊශ්රායෙලයට නොහැකි වීම නිසා විමුක්ති සටන්කාමින්ගේ කොන්දේසී වලට යටත් වීමට ඊශ්‍රායලයට සිදුවිණි. මේ අනුව ශ්‍රායල රැඳවුම් භාරයේ සිටින යුද සිරකරුවන් නිදහස් වෙමින් පවතී.
විමුක්ති සටන්කාමීන් ගේ කොන්දේසි වලට අනුව, ඔවුන්ගේ සාමාජිකයින්, සාමාජිකයින්ගේ පවුල් වලට අයත් පුද්ගලයින්, වාමවාදීන්, ලේඛකයින්, කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් නිදහස් වීමට නියමිතව ඇත.
දෙවන ලෝක යුද්ධයේ සරණාගතයෙන් ලෙස පලස්තීනයට පැමිණි නැගෙනහිර යුරෝපයේ වැසියන්, පලස්තීනයේ ස්වදේශිකයින් සමූල ඝාතනය කර 1948 දී රටේ කොටසක්ද, 1967 දී ඉතුරු ප්‍රදේශද ආක්‍රමණය කිරීමෙන් පසු විමුක්ති කාමින් ලබාගත් ලොකුම ජයග්‍රහණය ලෙස සැලකේ. විමුක්තිකාමීන්ගේ රඳවුම් භාරයේ සිටි සෙබළියන් ඉතා සතුටින් සුහදශීලීව නීරෝගී ලෙස නිදහස් වන අතර ඔවුන් ට විමුක්ති කාමයෙන් සමඟ සුහදව සාමිචියේ යෙදෙන ාම වීඩියෝ දර්ශන ලොව පුරා විකාශනය වෙමින් පවතී. අනෙක් පස නිදහස්වන පලස්තීනුවන් ඉතා දුක්ඛිත තත්ත්වයේ සිටින බවද මාධ්‍ය වෙත ආවරණය වේ.