මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඉරිදා දින (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ ධීවරයින් පිරිස සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.
ඔවුන් පැමිණි යාත්‍රා 03ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.