දිවයින පුරා ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමයි
දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක්ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනමද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක් ජලාශයක්ද වශයෙන් මුළු ජලාශ 46ක් තවදුරටත් වාන් දමමින් බවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 40කට ආසන්න ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව පැවසූ එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ගබඩා කළ හැකි මුළු ජල ධාරිතාවෙන් 92%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගබඩා කරගත හැකිව ඇති බවය.