මැති ඇමති වරප්‍රසාද කප්පාදුවෙන් කෝටි ගණනක මුදල් ඉතිරියක්

0
මැති ඇමති වරප්‍රසාද කප්පාදුවෙන් කෝටි ගණනක මුදල් ඉතිරියක්

මැති ඇමති වරප්‍රසාද කප්පාදුවෙන් කෝටි ගණනක මුදල් ඉතිරියක්

දේශපාලනය සැබෑ මහජන සේවාවක් බවට පත්කිරීමේ තවත් පියවරක් ඉදිරියට තබමින් මැතිඇමතිවරුන් සඳහා මෙතෙක් ලබාදුන් අධික වරප්‍රසාද කප්පාදු කිරමේ වත්මන් රජයේ නව ප්‍රතිපත්තිය හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් ඉතිරි වන බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

මීට පෙර රජයන්හි සිටි ඇමතිවරයෙකුට පෙට්‍රල් ලීටර් 2250ක් ලබා දුන් අතර වර්තමානයේ ඉන්ධන මිල සමග ගණනය කිරීමේදී එහි වටිනාකම රුපියල් හයලක්ෂ අනූ පන්දහස් දෙසිය පනහක් වනවා. දැන් අමාත්‍යවරයෙකුට ලබා දෙන පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 900 කට අඩු කර ඇති බැවින් ලීටර් 1350ක ප්‍රමාණයක් ඉතිරි වනවා. වර්ථමානයේ පෙට්‍රල් මිල හා සැසදීමේදී ඒ අනුව ඉතිරි වන මුදල රුපියල් හාර ලක්ෂ දාහත්දහස් එකසිය පනහක්.

මීට පෙර රජයන්හි අමාත්‍යවරයෙකුට ඩීසල් ලීටර් 1950ක් හිමි වුණා. වත්මන් මිල අනුව සැකසීමේදී එය පනස් ලක්ෂ පනස්හත් දහස් හත්සීයක් වනවා. දැන් අමාත්‍යවරයෙකුට හිමි වන්නේ ඩීසල් ලීටර් 900ක් පමණයි.

ඒ අනුව පෙර රජයන්ට වඩා අමාත්‍යවරයෙකුගෙන් ඩීසල් ලීටර් 1050ක් ඉතිරි වනවා. ඒ මාසයක කාලයක් සඳහා පමණයි.
කෙසේ වුවද එහි වටිනාකම රුපියල් තුන්ලක්ෂ තුන්සීයක් වනවා. ඒ අනුව සැලකීමේදී මාස 12ක් තුළ රටට ඉතිරිවන මුදල තිස් හය ලක්ෂතුන් දහස් හයසීයක්.

අමාත්‍යවරුන් 21 දෙනෙකු වත්මන් රජයේ සිටින බැවින් මාසිකව අමාත්‍යවරුන්ට ලබා දෙන ඩීසල්වලින් පමණක් රුපියල් හැට තුන් ලක්ෂ හය දහස් තුන්සියක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනවා.

මේ සියල්ල සැලකීමේදී අමාත්‍ය මණ්ඩලය වාර්ෂිකව ඩීසල්වලින් පමණක් ඉතිරි කරන මුදල රුපියල් හත්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ පන්දහස් හයසීයක් බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදේශකයින් පනහකට වැඩි පිරිසක් යොදාගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. කෙසේ වුවද වත්මන් රජය මෙසේ වැටුපට උපදේශකයින් පත්කර ගැනීම සීමාකර තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට උපදේශකවරුන් පත්කරගත හැකි වන්නේද ඔවුන් අමාත්‍යංශයේ විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයින්, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයින් වන්නේ නම් පමණයි.

කිසියම් අමාත්‍යංශයක් විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අවස්ථාවලදී එක් විෂයක් සඳහා බදවාගත හැකි උපරිම උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනෙකු වියයුතු බවයි වත්මන් රජයේ නිර්දේශය වී ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com