2024, ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් 4ක්; කණ්ඩායමේ නායකත්වයට අසලංක

0
2024, ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් 4ක්; කණ්ඩායමේ නායකත්වයට අසලංක

2024, ICC එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් 4ක්; කණ්ඩායමේ නායකත්වයට අසලංක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද දිනයේ (24) නම් කර ඇත.

එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකයි.

එසේම චරිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනූව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන ඇත. ඔහුට හිමිව ඇත්තේ, අංක 4 ස්ථානයයි.

මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අංක 8 ස්ථානයට නම්කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com