ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක්

0
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි.

නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවයි.

එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බවද වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com