සති 03 කදී ඩෙංගු රෝගීන් 3,649ක්

0
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

වසරේ පළමු සති 3තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම මුල් සති 03තුළදී ඩෙංගු මරණ 02ක්ද වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,576කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 491ක් ගම්පහින් රෝගීන් 558ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 95ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨස 22ක් දිවයිනෙන් හඳුනාගෙන ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *