රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව – ජනාධිපති අනුර කුමාර දිසානායක

0
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ කටයුතු මාසයක් තුළ අවසන් කරන්න - ජනාධිපති අනුර කුමාර දිසානායක

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ කටයුතු මාසයක් තුළ අවසන් කරන්න - ජනාධිපති අනුර කුමාර දිසානායක

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (21) පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි.

එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com