මාස 24ට රනිල් විදෙස් සංචාර 25ක නිරත වෙලා

0
රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි

රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ මාස 24ක කාල සීමාව තුළ විදෙස් සංචාර 25ක නිරතවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා නිරත වූ සංචාර සම්බන්ධයෙන් වන සියලු තොරතුරු, වියදම් ආදිය ගණනය කළ යුතු බැවින් එම සංචාරයන්ට අදාළ සියලු තොරතුරු සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරිය කාලය ඉල්ලා ඇති බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය අදාළ ප්‍රශ්නය අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වෙත යොමුකර තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com