මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

0
මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21)දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළි දක්වා තිබේ.

ඒ අනුව, නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද (21)දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ(CCTV) කොට්ඨාසය තුල භාවිතා කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

එම මෘදුකාංගය Prime management services (Pvt) Ltd ආයතනයේ දායකත්වය මගින් පොලීසිය වෙත ලබා දී ඇත.

කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCTV කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2024 වසරේ පෙබරවාරි මස පළමුවනදා සිට ආරම්භකර ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, මේ දක්වා එසේ දර්ශනය වූ රථ වාහන වැරදි 12,918ක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් අදාළ මාර්ග නීති කඩකිරීම් සිදුකළ රියදුරන් පදිංචිව සිටින පොලිස් වසම අයත් පොලිස් ස්ථාන වෙත අදාළ වැරැද්ද දැක්වෙන වීඩියෝව සමඟ චෝදනා පත්‍ර යොමුකර තිබේ.

මෙම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම නව මෘදුකාංගයක යොදාගත් බව පොලිස් මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com