කුඩියිරුප්පු ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

0
කුඩියිරුප්පු ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

කුඩියිරුප්පු ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

ඉන්දීය රජයේ ප්‍රදාන සහිතව ඉදිකළ කිළිනොච්චියේ තිරුවල්ලුවර් කුඩියිරුප්පු ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24ක් වෙත භාර දිම පසුගිය සිකුරාදා දිනයේ (17) සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් කිළිනොච්චියේ තිරුවල්ලුවර් කුඩියිරුප්පු ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය රජයේ ප්‍රදාන සහිතව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාවට නැංවේ.

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමට 2017 ඔක්තෝබර් මාසයේදී අත්සන් තබන ලදී. දිස්ත්‍රික් නිවාස කමිටු විසින් තෝරා ගන්නා ලද පවුල් සඳහා දිස්ත්‍රික්කයට නිවාස 24 බැගින් වන ආදර්ශ ගම්මාන ඉදිකරමින්ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුර, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය සහ මොනරාගල යන දිස්ත්‍රික්ක 12 තුළ විවෘත කර ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය 96% ඉක්මවන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද ඉක්මනින් විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාර දීමට අපේක්ෂිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com