දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

0
දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, දුම්රිය ස්ථානයට ඇතුළුවීමේ දී හා දුම්රිය තුළ දී ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීමේ දී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරීක්ෂා කර තහවුරු කර ගත යුතු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, 2025.01.01 දින සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේ දී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මඟියාගේ ජාතික හැඳුනුම්පතෙ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com