විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු

0
(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබුණි.

(17) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුනි.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර ඇත.

හෝටල් සඳහා 31%කින්ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් අඩුකර තිබේ.

රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com