ශ්‍රී ලංකා පොලීසියට අලුතින් SPEED GUN
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30ක් රථ වාහන නිලධාරීන් වෙත ලබාදී තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ ඊයේ (11) පැවති උත්සවයකදී.
එහි පළමු අදියරේ කොටසක් ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් සඳහා මෙම උපකරණ බෙදා දී තිබෙනවා.
එමෙන්ම, ඉදිරියේ දී දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත මෙය ලබා දීමට නියමිතයි.
මෙම වේග මාපක (SPEED GUN) උපකරණ ඇමරිකාවේ නිෂ්පාදිත ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර විශේෂ රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහාද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇති බවද සඳහන්.
2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් වාර්තා වන අතර ඉන් 2,242ක් මාරක අනතුරුවන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක්.
අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බව පොලිසිය සඳහන් කරයි.
මෙම නව ක්‍රියාමාර්ග හරහා එවැනි සිදුවීම් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ.