ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තවත් සතියක් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීම්
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට ගිනි නිවන අංශ අනතුරු අඟවනවා.
මේ වන විට ලැව්ගිනි තවත් ප්‍රදේශ තුනකට පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලැව් ගිනි පාලනය කිරීම සඳහා ගුවන් මගින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද සඳහන්.
ලැව්ගිනි තත්ත්වයත් සමග ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව දහසය දක්වා ඉහළ ගොස් ඇති බවයි බී.බී.සී පුවත් සේවය සඳහන් කරන අතර නිවාස හා ගොඩනැගිලි එකොළොස්දහසකට පමණ හානි සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.
විනාශ වී ඇති සමස්ත භූමි ප්‍රමාණය අක්කර විසිතුන් දහසකට ආසන්න බවද වාර්තා වනවා.
ජල මුලාශ්රවල හිඟතාව හා අධික සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීමට අපහසු වී ඇති බවයි ගිනි නිවන අංශ පෙන්වා දෙන්නේ.
ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහසකට අධිකයි.