ලොස් ඇන්ජලීස්හි ඉතිහාසයේ විශාලතම ව්‍යසන ලැව්ගින්නෙන් පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට

0
ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විශාලතම ව්‍යසන ලැව්ගින්නෙන් පුද්ගලයින් 10ක් මියගොස්

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විශාලතම ව්‍යසන ලැව්ගින්නෙන් පුද්ගලයින් 10ක් මියගොස්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තද සුළං සහ අතිශය වියළි කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් තුළ මෙම ලැව්ගිනි පැතිරී ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින්ට තවමත් මෙම ගිනි මැඩ පැවැත්වීමට නොහැකි වී ඇති අතර ඔවුන් සඳහන් කර සිටින්නේ ප්‍රදේශ පුරා මෙම ලැව්ගිනි තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

එරට ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවත් වන පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ ඇති වූ විශාලතම ගින්න ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර ලැව්ගිනි පැතිරී ඇති ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් 180,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම තවත් පදිංචිකරුවන් 200,000ක් ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම යටතේ සිටින අතර ඔවුන් ඉක්මනින් නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වනවා.

කෙසේවෙතත් එරට බලධාරීන් පවසන්නේ කාලගුණික තත්ත්වයන් සහ දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් මෙම ලැව් ගිනි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com