ජන­පති ලේකම් කාර්යා­ලයේ කෝටි 16ක බඩු අස්ථා­න­ග­ත­වීම ගැන විම­ර්ශ­න­යක්

0
ජන­පති ලේකම් කාර්යා­ලයේ කෝටි 16ක බඩු අස්ථා­න­ග­ත­වීම ගැන විම­ර්ශ­න­යක්

ජන­පති ලේකම් කාර්යා­ලයේ කෝටි 16ක බඩු අස්ථා­න­ග­ත­වීම ගැන විම­ර්ශ­න­යක්

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ මාධ්‍ය ඒක­කය සතුව තිබූ රුපි­යල් මිලි­යන 162ක් වටිනා භාණ්ඩ අස්ථා­න­ගත වීම සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශන කර අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය ඊයේ දිනයේ (08) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන ඒක­ක­යට නියෝග කළාය.

මෙම විම­ර්ශන සඳහා නියෝග අවශ්‍ය නම් මෝස­මක් හරහා අයැ­දින ලෙසටද මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

මෙම භාණ්ඩ අස්ථා­න­ග­තව ඇති බවට වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ නිල­ධා­රීන් පිරි­සක් යොමු කළ නිර්ණා­මික ලිපි­යක් පොලි­ස්ප­ති­ව­ර­යාට යොමු කිරී­මෙන් අන­තු­රුව විම­ර්ශන ආරම්භ කළ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර­මින් දන්වා සිටි­යේය.

ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රස­ම්පා­දන අංශය භාර ගණ­කා­ධි­කාරී සිසිර කුමාර මහ­තා­ගෙන් ප්‍රකා­ශ­යක් ගෙන ඇති බවත් අස්ථා­න­ග­තවූ භාණ්ඩ භාර­ගත් අය­ගෙන් ඉදි­රි­යේදී ප්‍රකාශ සට­හන් කර ගන්නා බවත් පොලී­සිය කරණු දක්ව­මින් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම ප්‍රකාශ ලබා ගැනී­මෙන් අන­තු­රුව අස්ථා­න­ගත වූ භාණ්ඩ­ව­ලට අදාළ වටි­නා­කම වෙනස් වීමට ඉඩ ඇති බවද පොලී­සිය වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

සියලු කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශන කර අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com