රාජ්‍ය ආයතනවල ඇති V8 සුඛෝපභෝගී රථ වෙන්දේසියට
රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස පලමුවනදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබෙනවා.
චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුවත් කර ඇති බව සඳහන්.
මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බව එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී තිබේ.