විශේෂ සෝදිසි මෙහෙයුමකදී බත්තලන්ගුංඩුව මුහුදේ Kg 11ක රත්‍රං නාවික හමුදා අත්අඩංගුවට

0
විශේෂ සෝදිසි මෙහෙයුමකදී බත්තලන්ගුංඩුව මුහුදේ Kg 11ක නාවික හමුදා අත්අඩංගුවට

විශේෂ සෝදිසි මෙහෙයුමකදී බත්තලන්ගුංඩුව මුහුදේ Kg 11ක නාවික හමුදා අත්අඩංගුවට

කල්පිටිය බත්තලන්ගුංඩුව දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රත්‍රං කිලෝ 11යි ග්‍රෑම් 300ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දින (04) උදෑසන සිදු කළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් තිදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝනයේ කණ්ඩායමක් යොදවා කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීඹ සිදු කර තිබුණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ඡාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සදහා නාවික හමුදාව දිවයින වඩා වෙරළ හා මුහුදු තීරය ආවරණයවන පරිදි නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com