CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

0
CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

පසුගිය 19 වනදා එය සිදුකළ බව සඳහන් වේ.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා මෙම ග්‍රිඩ් උපපොළ ඉදිකර ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,300ක මුදලක් ආයෝජනය කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 05ක පමණ භූමි භාගයක ඉදිකර ඇති මෙම නව ග්‍රිඩ් උපපොළ දැනට පවතින කර්මාන්ත සඳහා විදුලි සැපයුමේ ස්ථායිතාවය හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ඉදිරියේදී ඇතිකිරීමට අපේක්ෂිත කර්මාන්ත සඳහා ස්ථායි මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් 90 MVAක ධාරිතාවයකින් යුතුව ඉදිකර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ තැනීම් ව්‍යාපෘති (TCP) ශාඛාව විසින් මෙම නව ග්‍රිඩ් උපපොළ සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පද්ධතියට එක් කිරීම සිදු කරයි.

වගවත්ත ග්‍රිඩ් උපොල යනු, සම්පුර්ණයෙන්ම ලංකා විදුලිබල මණ්ඩල කාර්යමණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පළමු ග්‍රිඩ් උපපොළ ලෙස හැදින්විය හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com