නීති විරෝධී ලෙස මත්පෙති ආනයනය කළාට අවු.12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්
2020 වසරේ ප්‍රංශයේ සිට නීති විරෝධී ලෙස මත්පෙති පන්දහසකට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 12ක සිර දඩුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ප්‍රංශයේ සිට නීතිවිරෝධී ලෙස මත්පෙති 5716ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකරනු ලැබුවා.
මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බැවින් එවැනි ක්‍රියා අධෙර්යමත් කිරීමට හැකිවන ආකාරයේ දඩුවමක් විත්තිකරුට ලබා දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුවයි විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 12ක සිර දඩුවම් නියම කෙරුණේ.