කොටස් වෙළඳපොළේ ඉතිහාස ගත වාර්තාවක්

0
කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේදී ඒකක 14,000 සීමාවට ගොස් තිබෙයි.

අද (12) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර අද (12) දිනයේ ගනුදෙනු අවසානයේදී එහි අගය ඒකක 14,035.81ක් ලෙසයි වාර්තා වී ඇත.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09ක් ලෙසින් දක්වා තිබෙයි.

අද(12) දින රු.බිලියන 7.35ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com