රු.මි 130ක මත්ද්‍රව්‍ය සමග 20 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

0
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 130ක් පමණ වන බවය.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed