චීනය පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් මෙරටට ලබා දෙයි

0
චීනය පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් මෙරටට ලබා දෙයි

චීනය පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් මෙරටට ලබා දෙයි

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද දිනයේ (10) නිල වශයෙන් මෙරටට ලබා දෙන ලදි.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදීය. එම අවස්ථාවට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com